තිරිඟු පිටි මිල ඉහළ දැමීමට ගෙන ඇති තීරණත් සමඟ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමනවා ද නැද්ද යන තීරණය ලබන සඳුදා (31) දිනයේ ප්‍රකාශයට පත්කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.
අද (29) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට කටයුතු කරන බව ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් දැනුම් දුන්නා.













