රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සමක් අද (28) ඉදිරිපත් කෙරුණා..
අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් නීතිඥ ජානක අධිකාරි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
මෙම පෙත්සම තුළින් සඳහන් වන්නේ අදාළ පනත් කෙටුම්පත නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බවයි.
ඒ, අනුව අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත් වුණා.
ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක සහ කලාකරුවකු වන දයාරත්න සුවඳ හැන්නදිගේ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදනවලින් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම ජනතා පරමාධිපත්‍යයට අහිතකර බලපෑමක් සිදුවන බවයි.
ඒ, අනුව අදාල පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටිනවා.













