එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ මෙහෙයුම් ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 110ක් වටිනා නව යන්ත්‍රෝපකරණ හා මෙහෙයුම් වාහන යෙදවීම කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යය සුනිල් හඳුන්නෙත්තිගේ සහභාගීත්වයෙන් ඊයේ (27) දින සිදු කෙරුණා.
ඊට සමගාමීව, එප්පාවල ලංකා පොස්පේට් සමාගම සඳහා නව රියදුරු පත්වීම් ලිපි ලබාදීම ද එහිදී සිදු කෙරුණා.
මෙම ආයෝජනය යටතේ රුපියල් මිලියන 79 ක වීල් ලෝඩර් යන්ත්‍ර 02ක්, මිලියන 18ක ටිපර් රථ 02ක් සහ මිලියන 13ක පෝක් ලිෆ්ට් යන්ත්‍ර 02ක් සමාගමේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් එක් වනවා.
නව යන්ත්‍ර උපකරණ හා මෙහෙයුම් වාහනවල යතුරු සංකේතාත්මකව ආයතනය වෙත භාර කිරීම අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ සුරතින් සිදු කෙරුණා.
අනතුරුව සේවක පිරිස් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ අමාත්‍යය සුනිල් හඳුන්නෙත්ති ඇතුළු ආරාධිතයින් පොස්පේට් නිධියේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා.
මෙම අවස්ථාවට, පොස්පේට් නිධිය සුරැකීමේ කමිටුවේ සභාපති මහමාන්කඩවල පියරතන නාහිමිපානන්, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ තාරුක සමරකෝන්, තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති කරුණාදාස දිසානායක ඇතුළු ප්‍රාදේශිය දේශපාලඥයින්, ලංකා පොස්පේට් රාජ්‍යය සමාගමේ සභාපති ආනන්ද ප්‍රේමකුමාර ඇතුළු ආයතනයේ නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිටියා.













