මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පූනාගල “නවෝදයාපුරම්” නව නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාසවලින් නිවාස 50ක ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (28) පෙරවරුවේ එක් වෙමින්.
මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම වසර අවසානයේ දී හෝ ලබන වසර මුල දී එම පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නව අධිකාරිය පිහිටුවීමට කටයුතු කරන බවයි.
ජනප්‍රජාවගේ ගැටළු විසඳීම. ජෛව විවිධත්වය ආරක්ෂාකර ගැනීම, පාංශු රක්ෂණය සිදු කිරීම, වන සංරක්ෂණ බලතල, වනජීවී බලතල වැසි සියලු බලතල අදාළ අධිකාරිය වෙත ලබාදෙන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
මධ්‍යම කඳුකරය රටේ හදවත බවත් එහි ආරක්ෂාව මෙරට අනාගතය බව සඳහන් කළ ජනාධිපතිවරයා එය ආරක්ෂා කිරීමට මැදිහත් විය යුතු බවයි පැවසුවේ.
” ආයතනවල බලතල එහෙට මෙහෙට බෙදෙයි කවුරුවත් කලබල වෙන්න එපා. පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි කවුරුවත් කලබල වෙන්න එපා. තිබෙන තනතුරු නාම වෙනස්වෙයි කවුරුවත් කලබල වෙන්න එපා. ජාතික වගකීමක් ලෙස සලකා අප මෙය ඉටුකළ යුතුයි.”













