දිවයිනට රැගෙන ආ රේල් පීලි දසදහස වරායෙන් මුදාහැරීම අද

දුම්රිය ජාලයේ ප්‍රතිසංස්කරණය සඳහා සහාය වීමට චීනයෙන් ආනයනය කරන ලද නව රේල් පීලි 10,000ක් පසුගියදා (23) කොළඹ වරායට රැගෙන ආවා.

එලෙස රැගෙන ආ රේල් පීලි තොගය අද (28) දිනයේ දී වරාය පරිශ්‍රයෙන් මුදාහැරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙලෙස රැගෙන ආ රේල් පීලි 10,000න් 5,000 කට ආසන්න ප්‍රමාණයක් මුහුදුබඩ මාර්ගයේ දැනට වේගසීමා ක්‍රියාත්මක වන කොටස් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොදාගැනීමට නියමිතයි.

කොළඹ කොටුව සහ පානදුර අතර ස්ථාන 50ක පමණ පවතින රේල් පීලි ප්‍රතිස්ථාපනය කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කරනවා.

මෙම වැඩසටහනේ කොටසක් ලෙස දුම්රිය පාලම් ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර නව රේල් පීලි මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 02 කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ පසු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෛනික දුම්රිය ප්‍රමාදයන් සැලකිය යුතු ලෙස අඩු කිරීමට ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54