හොංකොංහි පැවති 12 වන ලෝක තිරසර සම්මන්ත්‍රණයට (12th World Sustanability Forum) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ පර්යේෂිකාවක වූ වින්දුලා ගම්මන්පිළ ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධනයට, වසරේ හොදම නිබන්ධනයට වූ සම්මානය හිමිව තිබෙනවා.
ඇය මෙම සම්මානය දිනාගෙන අද (27) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් යළි මව්බිමට පැමිණියා.
මෙම සම්මන්ත්‍රණය ලෝකයේ සියලුම රටවල් නියෝජනය කරමින් 500 කට අධික පිරිසක් සිය පර්යේෂණ නිබන්ධන ඉදිරිපත් කර තිබූ අතර, එය ඉකුත් 21 වැනිදා සිට 24 වැනිදා දක්වා හොංකොං නුවර දී පැවැත්වුණා. .
වින්දුලා ගම්මන්පිළ මෙහිදී “විදුලි ක්ෂේත්රයට හරිත බලශක්ති ක්‍රමවේදය යටතේ සිදු කෙරෙන නව පිවිසුම් තිරසාර ලෙස ඇගැයීමට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවක්” යන මැයෙන් සිය පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කර තිබුණා.
වින්දුලා ගම්මන්පිළ ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයෙන් ඉංජිනේරුවරියක ලෙස උපාධිය දිනා ගෙන එහි පර්යේෂිකාවක් ලෙස සේවයේ නිරත වී සිටින අතර, නීති උපාධිය ද සපුරා, දැනට කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සේවයේ නිරත නීතීඥවරියෙක්.













