නේපාල-ටිබෙට් දේශසීමාවේ ඇති වූ දැවැන්ත ගංවතුරක් සහ මඩ නායයාමෙන් පුද්ගලයින් 31 දෙනෙක් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබෙනවා.
නේපාල රජය පවසන පරිදි අනුව මෙම අපදා තත්ත්වය හේතුවෙන් විදේශීය සංචාරකයින් 291ක් ඇතුළුව ඇති විශාල පිරිසක් අතුරුදන් වී තිබෙනවා.
අතුරුදහන් වූ විදෙස් සංචාරකයින් අතර ඉන්දියානු ජාතිකයින් 100කට වැඩි පිරිසක් සිටින බවට ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
මේ අතර නේපාලයේ, රසුවා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
නේපාලයේ කත්මණ්ඩු අගනුවර ශ්‍රී ලාංකිකයින් 85ත් 100ත් අතර සංඛ්‍යාවක් රැදී සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.













