ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16කින් පෙරමුණ ගනිද්දී වැස්ස හරස් වෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 229ක් රැස්කරගෙන සිටින අතරතුර තරගයේ සිව්වන දිනය නිමාවට පත්වුණා.

ඒ තරගය අද (25) දිනය වෙනුවෙන් නිමවීමට පැයක පමණ කාලයක් ඉතිරිව තිබියදී පිටියට වර්ෂාපතනය ලැබීමත් සමඟයි.

පෙරේදා දිනයේ දී ඇරඹුණු තරගයේ පළමුවනේ පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 09ක් දැවීගොස් ලකුණු 503ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ලකුණු 500 සීමාව ඉක්මවා යාමත් සමඟ සිය ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමට ඉන්දීය නායකයා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

කෙසේ වෙතත් සිය පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 290ක් පමණයි.

ඒ අනුව, ටෙස්ට් ක්‍රීඩාවේ රීති අනුව වාසිය අත්කර ගත් ඉන්දීය නායකයා සිය දෙවනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම ආරාධනා කළේ, ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 213ක් පිටුපසින් සිටිය දී යි.

දෙවනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම් යාන්තමින් ඉනිමක පරාජයෙන් බෙරිමාට සමත් වූ අතර මේ වන විට ඔවුන්, සිය දෙවැනි ඉනිම වෙනුවෙන් 229ක් රැස්කරගෙන සිටින්නේ ඉන්දීය පළමු ඉනිමට වැඩ ලකුණු 16ක් ඉදිරියට යමින් සිටින අතරතුරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09