සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 229ක් රැස්කරගෙන සිටින අතරතුර තරගයේ සිව්වන දිනය නිමාවට පත්වුණා.
ඒ තරගය අද (25) දිනය වෙනුවෙන් නිමවීමට පැයක පමණ කාලයක් ඉතිරිව තිබියදී පිටියට වර්ෂාපතනය ලැබීමත් සමඟයි.
පෙරේදා දිනයේ දී ඇරඹුණු තරගයේ පළමුවනේ පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 09ක් දැවීගොස් ලකුණු 503ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
ලකුණු 500 සීමාව ඉක්මවා යාමත් සමඟ සිය ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමට ඉන්දීය නායකයා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.
කෙසේ වෙතත් සිය පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 290ක් පමණයි.
ඒ අනුව, ටෙස්ට් ක්‍රීඩාවේ රීති අනුව වාසිය අත්කර ගත් ඉන්දීය නායකයා සිය දෙවනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම ආරාධනා කළේ, ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 213ක් පිටුපසින් සිටිය දී යි.
දෙවනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම් යාන්තමින් ඉනිමක පරාජයෙන් බෙරිමාට සමත් වූ අතර මේ වන විට ඔවුන්, සිය දෙවැනි ඉනිම වෙනුවෙන් 229ක් රැස්කරගෙන සිටින්නේ ඉන්දීය පළමු ඉනිමට වැඩ ලකුණු 16ක් ඉදිරියට යමින් සිටින අතරතුරයි.













