අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්

නුවරඑළිය ග්‍රෙගරි වැවේ දැනට පවත්වාගෙන යන ඇතැම් බෝට්ටු සේවාව තුලින් සිදු වන අනතුරු බහුල නිසා එම බෝට්ටු සේවාව මාස 2ක් ඇතුලත විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යැමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීආරච්චි, නුවරඑළිය නාගරික කොමසාරිස් ඉෂාන් විජයතිලක වෙත ඊයේ (25) දින උපදෙස් දෙනු ලැබුවා.

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එම කමිටුවේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීආරච්චිගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශ්‍රාමික ප්‍රජා විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

දැනට ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවාව පවත්වාගෙන යන ඇතැම් බෝට්ටු සේවාවන් ලියාපදිංචි නොවී රක්ෂණ සහතිකයක් පවා නොමැතිව ධාවනය කරවන බවට මෙහිදී අනාවරණය වුණා.

එමෙන්ම මින් ඉදිරියට අශ්වබල 85ට වඩා ධාරිතාවයකින් යුත් බෝට්ටු ධාවනයෙන් ඉවත් කිරිමට ද මෙහිදී තීරණය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්