පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි රෝහලක ප්‍රසූති වාට්ටුවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රෝහලේ එම ඒකකයේ තිබූ වායු සමීකරණ යන්ත්‍රයකින් මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වායු සමීකරණ යන්ත්‍රයට සවිකර තිබූ ඔක්සිජන් සම්බන්ධකයක් හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති බව වාර්තාවල සඳහන්.
ගින්න හටගන්නා අවස්ථාවේ එම වාට්ටුවේ සිටි බිළිඳුන් 15 දෙනෙක් සිට ඇති අතර ඉන් එක් බිළිඳෙක් පමණක් බේරා ගැනීමට හැකි වූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මේ පිළිබඳව “දැඩි ශෝකය” පළ කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇති අතර පැය 24ක් ඇතුළත වාර්තාවක් ලබා දීම සඳහා කමිටුවක් ද පත් කර ඇති බවයි.













