ඇමරිකාවේ CIA ප්‍රධානියා රහසේම රුසියාවට

ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සියේ (CIA) ප්‍රධානී ජෝන් රැට්ක්ලිෆ් සාකච්ඡාවක් සඳහා රුසියාවේ මොස්කව් නුවරට පැමිණ ඇති බැට තොරතුරු වාර්තා වනවා.

මොස්කව් නුවර නුකෝවෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඇමරිකානු හමුදා ගුවන් යානයක් ඊයේ (25) පෙරවරුවේ ගොඩබස්වා ඇති බවට ගුවන් රේඩාර් දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා.

ඇමරිකානු හමුදාවේ “C-17 Globemaster” වර්ගයේ එම යානය ඇමරිකාවේ සිට ලැට්වියාව දක්වාත් පසුව ලැට්වියාවේ සිට රුසියාවටත් ඇතුළු වූ බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

එම ගුවන් යානයේ පැමිණ ඇත්තේ CIA ප්‍රධානියා බව ඇමරිකාවේ ප්‍රධාන පෙළේ පුවත් ඒජන්සි කිහිපයක්ම තොරතුරු වාර්තාකර තිබුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රුසියාව හෝ එක්සත් ජනපදය නිල නිවේදන නිකුත් කර නොමැති අතර ඔහු හමුවී ඇත්තේ කවුරුන්දැයි යන්න පිළිබඳව කිසිදු නිල තොරතුරක් වාර්තා වී නැහැ.