මිනුවන්ගොඩ පොලිස් වසමේ දී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරු ඊයේ (21) දින රාත්‍රී කාලයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිනුවන්ගොඩ ගල්ඔළුව ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 150 ක් ද ඔහු සන්තකයේ තිබී පොලිසිය විසින් සිය භාරයට ගත් බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මිනුවන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













