එල් නිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තුව දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න පවසනවා.
ඒ, අනුව එහි බලපෑම ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ලබන වසරේ මුල් කාර්තුවේ දැනෙනු ඇති බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ.
එල් නිනෝ තත්වය හා ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම පිළිබඳ අද (20) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ මෙම එල් නිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තුව දක්වා පවතින බවට 97%ක සම්භාවිතාවයකින් ගෝලීයව පුරෝකතනය කර ඇති බවයි.
ඒ, අනුව වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාස තුනේ වැස්ස වර්ෂාවේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව සඳහන් කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම කාලය තුළ දවල් කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීත් උෂ්ණත්වය ඉහළ අගයක් ගනු ඇති බවට අනතුරු අඟවා සිටියා.
එම උෂ්ණත්වය මිනිස් සිරුරට දරාගැනීමට අපහසු තත්ත්වයකට පවා පත්වීමට ඉඩකඩ පවතින බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.













