කිලෝ 18කට වැඩි අයිස් සමඟ තරුණයෙක් බණ්ඩාරගමින් අල්ලයි

බණ්ඩාරගම පොලිස් වසමේ වෙන්දේසිවත්ත, මස්විල ප්‍රදේශයේ දී යිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 672ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (18) සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 22ක බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‌.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.