පයාගල පොලිසිය වෙත තමන් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලක් නිසියාකාරව විභාග නොකළ බවට පවසමින් ඊට විරෝධය දැක්වීමට පයාගල, ඉහළ වඩුගොඩ ප්රදේශයේ පුද්ගලයෙක් පයාගල පොලීසිය ආසන්නයේ අඩි හැටක් පමණ උසැති පොල් ගසක නැගී අද (18) විරෝධතාවයක නිරත වුණා.
පයාගල පොලිසියේ නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ ඔහුට එම පොල් ගසෙන් බිමට පැමිණෙන ලෙස දන්වා සිටිය ද ඔහු දිගින් දිගටම විරෝධතාවයේ නිරත වූ බවයි වප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම පුද්ගලයාට ප්රදේශයේ සොරකම් කිරීම් සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී ඇති පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.













