පෙළපොත් තොගයක් අතුරුදන්වීම ගැන විමර්ශනයක් – අධ්‍යාපන ලේකම්

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද පෙළපොත් තොගයක් අස්ථානගතවීම සම්බන්ධව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සඳහන් කරනවා.

අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ දී අද (14) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලේකම්වරයා මේ බව සඳහන් කළා.

මෙම පෙළපොත් තොගය ප්‍රවාහනය කිරීම කොන්ත්‍රාත් පදනම මත පෞද්ගලික ප්‍රවාහන ආයතනයක් විසින් සිදුකරන බවත්,
මෙම අස්ථානගත වූ පොත් තොගයේ වටිනාකම එම ආයතනයෙන් අය කර ගැනීමට කටයුතු කරන බත් ලේකම්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරුණු රුපියල් ලක්ෂ 08ක් පමණ වටිනාකමකින් යුත් පෙළපොත් සහ ක්‍රියාකාරකම් පෙළපොත් තොගයක් නිරි පරිදි බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත භාරනොදී ඇති බවට පසුගිය 12 වැනිදා එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් විසින් තලංගම පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19