ඉරානයට එරෙහිව “මීට පෙර කිසිඳු දිනක දැක නොමැති” පියවර ක්‍රියාත්මක කරන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසනවා.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, ලෝකය මීට පෙර අත් නොවිද ඇති ආර්ථික හුදකලාවකට ඉරානයට මුහුණදීමට සිදුවන බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධියේ අවහිරතාවයන් අඛණ්ඩව සිදු වන අතර ඒ මඟින්, ඉරාන වරායන් තුළට ප්‍රවේශ වීමේ හෝ පිට වීම සම්පූර්ණයෙන් වැලැක්වෙන බවයි.













