‘ජීවිත කාලය පුරා ඉගෙනීම’ වැනි සංකල්ප හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය කියයි

වෘත්තීය අධ්‍යාපනය සඳහා ආයෝජන සිදුකරමින්, රටේ ආර්ථික සංවර්ධනය සඳහා සෘජුව දායක විය හැකි මානව සම්පතක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන පද්ධතිය (TVEC) මගින් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික මිලියනයක් පිරිනමා අවසන් බව සනිටුහන් කිරීම සඳහා ඊයේ (12) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියා.

මෙහිදී ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික පත්‍ර මිලියනයක් නිකුත්කිරීම සඳහා දායක වූ වෘත්තීය හා තාක්ෂණික පුහුණු ආයතනවලට සම්මාන පිරිනැමීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

එමෙන්ම, දස ලක්ෂවෙනි NVQ සහතිකය හිමි කරගත් සිසුවාට අදාළ සහතිකපත්‍රය පිරිනැමීම ද අග්‍රාමාත්‍යවරිය අතින් සිදුවුණා.

අනතුරුව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද පවසා සිටියා,

“මෙය ඉලක්කමක සැමරුමක් විතරක් නෙමෙයි. මේ NVQ සහතික ලක්ෂ 10 පිටුපස ඉන්නේ අපේ රටේ තරුණ තරුණියන් ලක්ෂ 10 ක්. ඒ තරුණ තරුණියන්ගේ මහන්සිය, කැපවීම සහ ඔවුන්ගේ අනාගත සිහින සැබෑ වූ අවස්ථාවයි අපි මේ සමරන්නේ.
ඔබ දන්නවා, අපේ රජය තුළින් ආරම්භ කරලා තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ විශේෂ අවධානයක් ලබා දී තිබෙන්නේ වෘත්තීය අධ්‍යාපනයට බව. එමෙන්ම, අපගේ සංවර්ධන සැලැස්මට අනුව රටට අවශ්‍ය කරන ශ්‍රම බලකාය බිහිකිරීමේ සුවිශේෂී වගකීම වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට පැවරී තිබෙන වගකීමක් වෙනවා. ඒ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සිසුන්ට පාසල තුළ වෘත්තීය අධ්‍යාපනය ලබා ගෙන, ඔවුන්ගේ ඉදිරි ඉලක්කයන්ට අනුව උසස් අධ්‍යාපනය දක්වා වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමට හැකි ක්‍රම වේදයක් අප සාදන්න උත්සාහ කරනවා.

ඒ තුළින්, අපගේ අධ්‍යාපන පද්ධතියට ඇතුළු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, තරුණ තරුණියන්ට මෙන්ම වැඩිහිටි කෙනෙකුට වුවද, ජීවිතයේ විවිධ අවදිවලදී පවා අධ්‍යාපනය නතර නොකර ඉදිරියට පවත්වාගෙන යා හැකි ක්‍රම වේදයක් වන “ජීවිත කාලය පුරා ඉගෙනීම (life long learning)” වැනි සංකල්ප හඳුන්වාදීමට ද අප කටයුතු කරනවා.
එසේම, අපගේ ඉදිරි අවුරුදු පහට අදාළ වෘත්තීය අධ්‍යාපන අංශයේ සැලැස්ම අප මේ වනවිට හඳුන්වාදීලා තිබෙනවා. එමගින් වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන තුළ යටිතල පහසුකම් සංවර්ධනය සහ ඒවායේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා විශාල ආයෝජනයක් කිරීමට නියමිතයි. වෘත්තීය අධ්‍යාපනය රටේ වැදගත් ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන, පුද්ගලික අංශයද අපේ රටට අවශ්‍ය මානව සම්පත ගොඩනැඟීම සඳහා රජයත් සමග එක්වීම සම්බන්ධව අප සතුටුවෙනවා. එමෙන්ම, උසස් පෙළ සඳහා වෘත්තීය අධ්‍යාපනය තෝරා ගන්නා සිසුන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ පුහුණුව ලබාදීමට අවස්ථාවන් උදාකරදීම සඳහා අප සැලසුම් සකස් කරමින් ඉන්නවා. ඒ සඳහා අප පුද්ගලික අංශයේ දායකත්වය අපේක්ෂා කරනවා.
වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රජයක් ලෙස අපට විශාල බලාපොරොත්තුවක් තියෙනවා. එමනිසා එහි ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමටත්, එම පද්ධතියේ ශක්තිමත් බව සුරැකීමටත් ඔබ සැම දායකවෙයි කියා මම විශ්වාස කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32