ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එරික් මේයර් වොෂින්ටන් නුවර පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ලෙස කටයුතු කළ ජුලී චංග් සිය ධූර කාලය නිම කරමින් පටවා ගිය පසු එරික් මේයර් මෙරට තානාපති ලෙස පත් කරනු ලැබුවා.
මේයර් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති වෘත්තීය ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙක් වනවා.
තානාපති ධුරයට පත්වීමට පෙර, ඔහු දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙස සේවය කරනු ලැබුවා.













