මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් එම සීමාව 83,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ, අනුව මේ දක්වා ඩෙංගු රෝගීන් 83,661 වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.
එම ඒකකය සඳහන් කරන්නේ ඊයේ (29) දිනයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 823ක් වාර්තා වී ඇති බවයි.
වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම ගණන 17,779ක්.
එමෙනම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 16,665ක් බවයි වාර්තා වන්නේ.
මේ අතර ඩෙංගු රෝගය හමුවේ පුද්ගලයින් 61ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













