ජනාධිපතිවරයාගේ නිල කටයුතු හා පෞද්ගලික විවේක අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනාධිපති මන්දිර කිහිපයක් පවත්වා ගෙන යන අතර, එම මන්දිර වර්තමාන ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා භාවිතයට ගැනෙන්නේ නැහැ.
ඉතා ඉහළ වාස්තු විද්‍යාත්මක හා ආර්ථික වටිනාකම් සහිත එම මන්දිර අංග සම්පුර්ණ පහසුකම් වලින් සහ ආකර්ශනීය ආකාරයේ බිම් සැකයුම් වලින් සමන්විත වනවා.
දැනට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන එම මන්දිර නඩත්තු කිරීම, ආරක්ෂාව සැපයීම හා අනෙකුත් වියදම් සඳහා රාජ්‍ය මුදල් සැලකිය යුතු ලෙස වැය කළ යුතුයි.
ඒ අනුව, රජය සතු බංගලා, නිවාස සහ ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රම වේදයක් හඳුන්වා දීම සඳහා පත් කර ඇති කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, බෙන්තොට, කතරගම, මහිංයගනය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර යන ප්‍රදේශවල පිහිටා ඇති ජනාධිපති මන්දිරයන් සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවා සුදුසු ආයෝජකයන් වෙත දීර්ඝ කාලීන බදු පදනම මත බැහැර කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.













