දෙහිවල සුසාන භූමියේ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුත් අත්අඩංගුවට

දෙහිවල – ගල්කිස්ස ‘නිසල සෙවන’ සුසාන භූමියේ මුරකරුට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ,
සැකකරු අද (27) දිනයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු බවයි.

මෙම වෙඩි තැබීමට වෙඩික්කරු සමඟ පැමිණි යතුරුපැදිකරු ද ඊයේ (26) නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුගිය 19 වනදා දෙහිවල ගල්කිස්ස ‘නිසල සෙවන’ පොදු සුසාන භූමියේ මුරකරුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබූ අතර, වෙඩි තැබීමෙන් මුරකරුගේ වම් අතට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව තිබූ අතර තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.