ගොතටුව ප්‍රදේශයේ දී අද (27) පෙරවරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂය පත්ව තිබෙනවා.
කොළොන්නාව දෙස සිට ගොතටුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරා වන අතර මෙම අනතුරින් තවත් අයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කොළොන්නාව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
1
+1
+1
1













