මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 82,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ, අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යා 82,011ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.
ඊයේ (26) දිනයේ මෙරටින් ඩෙංගු රෝගීන් 500 දෙනෙකු වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කරනවා.
මේ අතර මෙම වසරේ දී මෙරටින් ඩෙංගු මරණ 61ක් වාර්තා වී තිබෙනවා.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති පළාත් ලෙස බස්නාහිර පළාත තවදුරටත් පවතින අතර, ඒ අනුව වසරේ මේ දක්වා බස්නාහිර පළාතෙන් වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 43,388ක්.
දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප 175ක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













