”සුපිළිපන් සංස්කෘතියක් – Clean ශ්‍රී ලංකාවක්” තේමා කර ගනිමින් ජාතික සුපිළිපන් සතිය අද (27) ආරම්භ වනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායකගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය හා Clean ශ්‍රී ලංකා වැඩසටහනයි.
“ජාතික සුපිලිපන් සතිය” අද (27) පෙරවරු 9.00ට ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රමුඛ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික සුපිලිපන් දිවුරුම ලබාදීම සහ ආචාර ධර්ම සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීමෙන් ආරම්භ වනවා.
මෙම සතිය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීමයි.













