සංචාරක පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන තරගය අද (25) හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාරා 50 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 273ක් රැස්කර ගැනීමට සමත් වුණා.
එහිදී සිද්‍රා අමීන් නොදැවී ලකුණු 100ක් රැස්කරමින් විශ්ෂ්ඨ ශතකයක් ලබා ගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා තරගය ජය ගැනීමට නම් ලකුණු 274ක් ලබා ගත යුතු වනවා.
තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරගය ජයගත් පාකිස්ථාන කාන්ත කණ්ඩායම 1 -0 ක් ලෙස පෙරමුණේ සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1













