ඉතාලි ජාතික එකම පවුලේ මව, පියා හා දියණිය නිලාවේලී පරවි දූපත ආසන්න මුහුදු තීරයේ කිමිදුම් කට්ටල පැළඳ මත්ස්‍යයන් හා කොරල්පර නරඹමින් සිටිය දී සංචාරකයින් පිරිසක් රැගෙන යමින් සිටි ඩිංගි බෝට්ටුවක ගැටී කිමිදෙමින් සිටි දැරිය තුවාල ලබා තිබෙනවා.
ඊයේ (24) පෙරවරුවේ අදාළ විදෙස් ජාතික දැරිය මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී ස්ථානයේ රාජකාරී කරමින් සිටි ත්‍රීකුණාමලය පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී තුවාල ලැබූ දියණිය නිලාවේලි රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.
අනතුරුව තුවාල ලැබූ 11 හැවිරිදි දියණිය වැඩිදුර ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත මාරුකර යවා ඇත.
ඩිංගි බෝට්ටුවේ පැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කුච්චවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













