ආන්දෝලනයට තුඩු දුන් දෙවිනුවර පෙරහරේ දෙවන දිනයටත් විශේෂ ආරක්ෂාවක්

කාවඩි කණ්ඩායම් අතර ඇති වූ ආරවුලක් පදනම් කර ගනිමින් තර්ජනාත්මක හඬපට සමග මහත් අන්දෝලනාත්වමක තුඩු දුන්, දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු පේළි පෙරහර ඊයේ (23) රාත්‍රි ආරම්භ වුණා.

පළමු පේළි පෙරහර එසේ ආරම්භ වූ අතර අවසන් පේලි පෙරහර ලබන 28 වැනිදා පවත්වා මහා රන්දෝලි පෙරහර 29 වැනිදා පැවැත්වීමටයි නියමිතයි.

සිද්ධියට මුල් වූ දෙවුන්දර විශ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මදුෂංක මහතා පෙරහැරේ දැඩි පොලිස් ආරක්ෂාවක් සහිතව ගමන් කළා.

මෙම පෙරහර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව ද පොලිසිය පවසනවා.

ඒ අනුව, පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවගේ හා දේපලවල ආරක්ෂාව මෙන්ම රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 650 ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 100 ක් හා බුද්ධි අංශ නිලධාරීන් ද රාජකාරී සඳහා යොදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආන්දෝලනය තුඩුදුන් දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද අරඹයි - පොලිසියෙන් 650ක්, STF නිලධාරින් 100ක්
01:25
Video thumbnail
පූගොඩ නව අධිකරණ සංකීර්ණය අධිකරණ ඇමතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අයුරු
03:44
Video thumbnail
අධිකරණ ඇමතිගේ කටින් පැන්න දේ..ඉස්සරහට මම ඇමතිකමේ හිටියත් නැතත් මේක ක්‍රමවත්ව ගෙනයන්න
12:42
Video thumbnail
ඇමති වටගලට පොතේ හැටියට වැඩේ කියලා දීපු DV
01:47
Video thumbnail
වාචාලකමේ සීමාවක් තියාගන්න ඔයා - නාමල් කිව්ව දේට වටගලට යකා නගියි
01:27
Video thumbnail
ඊයේ සාකච්ඡාව ගැන නාමල් සැරටම කිව්ව දේ - එදා අනුර හිටියේ..දැන් මං ඇවිල්ලා..අනුර නෑ
02:32
Video thumbnail
සජිත් ප්‍රේමදාස සහ නීතීඥ සංගමයේ සභාපතිට රටම කැළඹෙන චෝදනාවක් ආණ්ඩුවෙන් එල්ල කරයි..
00:32
Video thumbnail
සජිත් ප්‍රේමදාස සහ වටගල ගැටෙයි...
02:23
Video thumbnail
ඇමති වටගලට තද වෙයි.. නාමල් රාජපක්ෂට හොඳවයින් අමතයි...
00:58
Video thumbnail
අධිකරණ ඇමතිට නාමල් රිදෙන්නම දෙයි - විවාදය යනවා ඇමතිතුමා මල් කඩවනද ?
05:58