අපනයන ඉලක්ක සපුරා ගැනීම ගැන ඇමති වසන්තගෙන් නිලධාරීන්ට උපදෙස්

රජයේ ජාත්‍යන්තර වෙළෙඳ න්‍යායපත්‍රයට සහ අපනයන සංවර්ධන අරමුණු සඳහා සහාය වීම පිණිස වාණිජ දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්, උපායමාර්ගික ප්‍රමුඛතා සහ ඉදිරි සැලසුම් පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙම අවස්ථාව සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා, අතිරේක ලේකම් (වෙළෙඳ හා පර්යේෂණ) ගිල්මා දහනායක, වැඩබලන වාණිජ අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන්, අංශ ප්‍රධානීන් සහ වාණිජ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

මෙහිදී වාණිජ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා කිරීම සහ කළමනාකරණය කිරීම, වෙළෙඳ ඩිජිටල්කරණය, වෙළෙඳ ප්‍රතිපත්ති පර්යේෂණ, සහ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවය කරන වාණිජ නිලධාරීන් හරහා අපනයන වර්ධනයට ලබාදෙන සහාය ඇතුළු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබුවා

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම, වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම මෙන්ම වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් වාණිජ දෙපාර්තමේන්තුව ඉටුකරන කාර්යභාරය ඇගයීමට ලක්කළ අමාත්‍යවරයා, ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික වෙළෙඳ සබඳතා හරහා නව වෙළෙඳපොළ ප්‍රවේශයන් ලබාගැනීමටත්, රජයේ අපනයන ඉලක්ක සපුරාගැනීමටත් වඩාත් සක්‍රිය ලෙස දායක වන ලෙස උපදෙස් දුන්නා.

ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රජයේ ප්‍රධානතම ආයතනය වාණිජ දෙපාර්තමේන්තුව බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වේගයෙන් වෙනස් වන ගෝලීය වෙළෙඳ පරිසරයට සහ මතුවන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි වන පරිදි දෙපාර්තමේන්තුවේ ආයතනික ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළා.

එමෙන්ම ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් කරා ගමන් කිරීමේදී, යුරෝපීය සංගමය සමඟ පවතින ආර්ථික හා වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් මීළඟ EU GSP+ සහන ක්‍රමය සඳහා උපායමාර්ගිකව සූදානම් විය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළා.

එක්සත් රාජධානියේ සංවර්ධනය වන රටවල වෙළෙඳ යෝජනාක්‍රමය (UK DCTS) යටතේ පවතින අවස්ථාවන් පිළිබඳව ද අවධානය යොමු කළ ඔහු, 2026 ජනවාරි මාසයේ සිට හඳුන්වා දුන් ලිහිල් කරන ලද ප්‍රභවස්ථාන නීති (Rules of Origin) පිළිබඳව අපනයනකරුවන් දැනුවත් කරමින්, එම සහනදායී වෙළෙඳපොළ ප්‍රවේශයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන එක්සත් රාජධානිය වෙත කෙරෙන අපනයන වර්ධනය කරගත යුතු බව පෙන්වා දුන්නා.

අපනයන සංවර්ධනය සඳහා වඩාත් ඉලක්කගත ක්ෂේත්‍ර පදනම් කරගත් ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යාංශ ලේකම්වරයා, ක්ෂේත්‍රයන්ට අදාළ විශේෂිත අවස්ථාවන් හඳුනාගැනීමටත්, අපනයනකරුවන් සමඟ පවතින සබඳතා ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ විවිධාංගීකරණය කිරීමටත් විදේශයන්හි සේවය කරන වාණිජ නිලධාරීන් ඇතුළු දෙපාර්තමේන්තුව සක්‍රියව මැදිහත් විය යුතු බව ප්‍රකාශ කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම, වෙළෙඳපොළ ප්‍රවේශයන් පුළුල් කිරීම, ඩිජිටල්කරණය හරහා වෙළෙඳ පහසුකම් සැලසීම, සහනදායී වෙළෙඳ ගිවිසුම්වලින් උපරිම ඵල නෙලා ගැනීම සහ රජයේ අපනයන අභිමුඛ ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයට සහාය වීම සඳහා දෙපාර්තමේන්තුවේ ආයතනික ධාරිතාව නැංවීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම අවසන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
00:00
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:35
Video thumbnail
විපක්ෂ නායක කාර්යාලයට යන්න හිතුවේ නෑ..හැබැයි යන්න වුණා - නාමල් සැරටම කිව්ව කතාව
07:47
Video thumbnail
දෙමටගොඩ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
01:07
Video thumbnail
දෙමටගොඩ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - බයක් නැතුව පන්න පන්න වෙ# තියපු හැටි
01:37
Video thumbnail
විදුලි සැර වැ# කාන්තාවක් එළොව යයි - බුත්තලින් ඇසුණු හද කම්පා කරන පුවත
01:32
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල, කථානායක එකට හමුවූ තැන - දෙන්නා හිනාවෙවී බර කතාවක්
16:45
Video thumbnail
මේකට මුළු රටම විරුද්ධයි - රජය කරන්න හදන උපක්‍රමයක්..අනුරාධාගෙන් සැර සත්තමක්
03:48
Video thumbnail
විපක්ෂයේ එකතුවීම ගැන අශෝක රන්වල කට අරියි - තියෙන දේ අරගෙන යනවනම් ආණ්ඩු ඕනි නෑනේ
06:02
Video thumbnail
ශාන්ත බණ්ඩාරගේ පුතාගේ කෙරුවාවල් ටික මෙන්න
03:04