බොරතෙල් බැරලයක මිල යළිත් වරක් ඩොලර් 100 ඉක්මවයි

යළිත් වරක් ඉහළ යමින් පවතින මැදපෙරදිග යුද උණුසුමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල යළිත් ඩොලර් 100 ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව අද (24) දිනයේ දී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100.6ක් ලෙස සඳහන්ව තිබුණා.

එමෙන්ම ඩබ්ලිව්.ටි.අයි. බොරතෙල් බැරලයක මිලද ඩොලර් 92.13 දක්වා ඉහළ ගොස් ඈති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්