ගම්පහ පොලිස් වසමේ කටුගස්තර ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගල මළ සිරුරක් ඇති බවට ගම්පහ පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව අනාවරණය වී ඇත්තේ මරණකරු වයස අවුරුදු 60 ක්වූ කටුගස්තර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි.
මෘත ශරීරය ආසන්නයේ රුධිර පැල්ලම් නිරීක්ෂණය වන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
+1













