2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම හා තෙවන පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
2026 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල, දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට (24) දිනයේ දී අවසන් වන අතර තෙවන පාසල් වාරයේ පළමු වන අදියර එළඹෙන 27 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ලැබන 31 වන සිකුරාදා දින අවසන් වන අතර තෙවන පාසල් වාරයේ පළමු වන අදියර ලබන 03 වන සඳුදා දින ආරම්භ වන බවත් නිවේදනයේ සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
6
+1
1
+1
+1
+1













