විදේශිකයෙක් අවසන් ගමන් යවලා නිසල සිරුර හංගන්න උත්සාහ කරලා ?

ඇහැළියගොඩ පොලිස් වසමේ කරදන පොලිස් මුරපොලේ නිලධාරීන් කණ්ඩායමක් අද (23) පෙරවරුවේ වැටලීමක් සඳහා පිටවගොස් සෝදිසි කිරීම් සිදුකරන අතරතුර දී ගරා වැටුණු නිවසක් තුළ තිබී සම්පූර්ණයෙන්ම ගල්වලින් වසා දමා ඇති මළ සිරිරුරක් හමු වී තිබෙනවා.

මෙම නිසල සිරුර හමු වූ නිවාස පිහිටා ඇති ඉඩම මැණික් ව්‍යාපාරිකයෙක්ට අයත් බවයි වාර්තා වන්නේ.

මෙම මළසිරුර විදෙස් ජාතිකයක්ගේ බවට පොලිසිය සැකකරන අතර මේ වන තෙක් අනන්‍යතාවය තහවුරුකර ගැනීමට හැකිව නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීමේ දී එම ස්ථානයේ සිට කිලෝ මීටර් 07ක පමණ දුරින් තිබී කාර් රථයක් ද හමුවී හමුව තිබෙනවා.

අද (23) දින උදෑසන එම කාර් රථයේ පැමිණි විදේශිකයින් තිදෙනක් ඒ අසල ගැවසෙමින් සිට ඇති අතර කාර් රථයේ ඉදිරිපස වම් රෝදයේ හුලං බැසීම හේතුවෙන් කාර් රථය එම ස්ථානයේ දමා ලොරි රථයක නැග ඉංගිරිය දෙසට පිටව ගිය බවට ද ප්‍රදේශවාසීන් විසින් දැක ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම මළසිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ඇහැළියගොඩ මූලික රෝහල වෙත රැගෙනගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted