සංචාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු එක්දින තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමත් වුණා.
අද (23) හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 210ක් පමණයි.
එහිදී නිලක්ෂි ද සිල්වා විසින් නොදැවී ලකුණු 46ක් සහ චමරි අතපත්තු විසින් ලකුණු 46ක් රැස්කර ගනු ලැබුවා.
ඒ අනුව ලකුණු 211ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්තාන කාන්තා කණ්ඩායම පන්දුවාර 43ක් තුළ කඩුලු 05ක් පමණක් වැයකරමින් එම ඉලක්කය සාර්ථකවම හඹා ගියා.
එම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්ථානය සමත් වුණා.













