ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පාකිස්ථානයට විශිෂ්ඨ ජයක්

සංචාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු එක්දින තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමත් වුණා.

අද (23) හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 210ක් පමණයි.

එහිදී නිලක්ෂි ද සිල්වා විසින් නොදැවී ලකුණු 46ක් සහ චමරි අතපත්තු විසින් ලකුණු 46ක් රැස්කර ගනු ලැබුවා.

ඒ අනුව ලකුණු 211ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්තාන කාන්තා කණ්ඩායම පන්දුවාර 43ක් තුළ කඩුලු 05ක් පමණක් වැයකරමින් එම ඉලක්කය සාර්ථකවම හඹා ගියා.

එම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්ථානය සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25