දෙවි නුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු පෙළි පෙරහැර අද (23) ආරම්භ වනවා.
අවසන් මහා පෙරහැර ලබන 29 වනදා පැවැත්වීමෙන් පසු අවසන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය අවසන්වීමට නිමිතව තිබෙනවා.
පෙරහැරේ කාවඩි පෙරහර ලබන 28 වන දින සහ රන්දෝලි පෙරහර එළෙඹෙන 29 වනදා පැවැත්වීමට නියමිත අතර, එම දිනවල පස්වරු 4.00 සිට රාත්‍රී 09.00 දක්වා පෙරහර කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ ගමන් කාලය තුල ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව විකල්ප මාර්ග ලෙස,
මාතර දෙස සිට තංගල්ල දෙසට ගමන් ගන්නා වාහන මැද්දවත්තකාර්මික විද්‍යාලය අසලින් මාතර යටියන මාර්ගයට පැමිණ කැකනදුර හන්දියෙන් වේහැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කළ හැකියි.
තංගල්ල දෙස සිට මාතර දෙසට ගමන් ගන්නා වාහන තලල්ල කාර්මික විද්‍යාලය අසලින් හැරී නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දිය දක්වා ගමන් කර දික්වැල්ල වේහැල්ල මාර්ගය ඔස්සේ කැකනදුර හන්දියට පැමිණ කැකනදුර මාතර මාර්ගය ඔස්සේ මාතර දක්වා ගමන් කළ හැකියි.
මේ අතර පෙරහැරේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 650ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 100ක් හා බුද්ධි අංශ නිලධාරීන් රාජකාරි යොදවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසනවා.













