එල්-නිනෝ ගැන ගොවීන් අනවශ්‍ය ලෙස බියට පත්විය යුතු නැහැ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

ඉදිරියේදී ඇතිවිය හැකි එල්-නිනෝ දේශගුණික තත්ත්වය සම්බන්ධයෙන් ගොවි ජනතාව අනවශ්‍ය ලෙස බියට පත් නොවී විද්‍යාත්මක දත්ත සහ අදාළ ආයතනවල නිල උපදෙස් මත පදනම්ව කෘෂිකාර්මික තීරණ ගැනීම වැදගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති එල් නිනෝ තත්ත්වය සහ එහි ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල යල කන්නයේ අස්වැන්න නෙළීම අවසන් වී හෝ අවසන් අදියරේ පවතින බැවින් එල් නිනෝ තත්ත්වය පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

යල කන්නයේ වර්ෂාපතනයේ යම් අඩුවීමක් සහ උෂ්ණත්වය ඉහළ යාමක් පුරෝකථනය කර ඇති බවට පෙන්වා දුන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ, දැනට පවතින වාරි ජලය කාර්යක්ෂමව භාවිත කරමින් වගා කටයුතු සැලසුම් කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ආර්ථික ඔස්තාර්ලා තමයි රට බංකොලොත් කළේ
10:42
Video thumbnail
ඊයේ රෑ Port City රත්කළ සිදුවීම මෙන්න - චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
01:22
Video thumbnail
නාමල්, සාගර අලි සබ්‍රි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට එයි
00:51
Video thumbnail
යුපුන් අබේකොන්ට ආණ්ඩුවෙන් තර්ජනය කරලා..?
05:35
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:11
Video thumbnail
ග#ගත්ත රැදවියෝ එකම තැන තිබ්බේ ඇයි ? - විපක්ෂය උද්යෝගයෙන් විවාදය කරලා ඇමති ගෙදර යවන්න
08:31
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - හතර වටේටම පැතිර යන අයුරු
01:37
Video thumbnail
ජනාධිපතිට තව මාස 23යි තියෙන්නේ - රටට අබසරණයි
09:42
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට එයි - කට්ටිය ගෝඨාභයව වටකරගයි
00:36
Video thumbnail
සජිත් නැගිටිලා ආණ්ඩුවට දැනෙන්න සැරටම කියයි
12:06