බංගලදේශයේ පැවති 10 වැනි ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාටේ ශූරතා තරගාවලිය සහ වයස අවුරුදු 14න් පහළ දකුණු ආසියානු කරාටේ කුසලාන තරගාවලිය යන තරගාවලි දෙකට සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික කරාටේ කණ්ඩායම, එහිදී පදක්කම් 87 ක් දිනා ගෙන ඊයේ (21) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙනු ලැබුවා.
මෙම තරගාවලි ආසියානූ කලාපයේ රටවල් 06 ක කරාටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800කගේ සහභාගීත්වයෙන් ඉකුත් 18 සහ 19 යන දෙදින හිදී බංගලදේශයේ ඩකා නුවර පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකා කරාටේ කණ්ඩායම රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 25ක් සහ ලෝකඩ පදක්කම් 49ක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
මෙම ශ්‍රී ලංකා කරාටේ කණ්ඩායම ඊයේ (21) දින පස්වරු 04.50 ට බංගලදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් සහ ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ .- 1173 දරන ගුවන් යානයෙන් ඊයේ (21) දින රාත්‍රී 09.10ටත් කණ්ඩායම් දෙකක් වශයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ ක්‍රියාකාරී කාර්යය සාධන බළකායේ උසස් නිලධාරීන් පිරිසක් , ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩා අංශ වල උසස් නිලධාරීන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.













