දකුණු ආසියානූ කරාටේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 87ක්

බංගලදේශයේ පැවති 10 වැනි ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාටේ ශූරතා තරගාවලිය සහ වයස අවුරුදු 14න් පහළ දකුණු ආසියානු කරාටේ කුසලාන තරගාවලිය යන තරගාවලි දෙකට සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික කරාටේ කණ්ඩායම, එහිදී පදක්කම් 87 ක් දිනා ගෙන ඊයේ (21) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙනු ලැබුවා.

මෙම තරගාවලි ආසියානූ කලාපයේ රටවල් 06 ක කරාටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800කගේ සහභාගීත්වයෙන් ඉකුත් 18 සහ 19 යන දෙදින හිදී බංගලදේශයේ ඩකා නුවර පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකා කරාටේ කණ්ඩායම රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 25ක් සහ ලෝකඩ පදක්කම් 49ක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම ශ්‍රී ලංකා කරාටේ කණ්ඩායම ඊයේ (21) දින පස්වරු 04.50 ට බංගලදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් සහ ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ .- 1173 දරන ගුවන් යානයෙන් ඊයේ (21) දින රාත්‍රී 09.10ටත් කණ්ඩායම් දෙකක් වශයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ ක්‍රියාකාරී කාර්යය සාධන බළකායේ උසස් නිලධාරීන් පිරිසක් , ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩා අංශ වල උසස් නිලධාරීන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48