මෙරටින් ජලභීතිකාව තුරන් කිරීම ගැන අගමැති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සත්ත්ව සුබසාධනය තහවුරු කිරීම සහ වීදි සතුන්ගේ ගහනය පාලනය කිරීම වෙනුවෙන් වඩාත් විධිමත් හා කඩිනම් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක්සත් රාජධානියේ ප්‍රමුඛ පෙළේ සත්ත්ව සුබසාධන සංවිධානයක් වන ‘Battersea’ සහ ජාත්‍යන්තර සහකාර සත්ත්ව කළමනාකරණ සන්ධානය (ICAM – UK) නියෝජනය කරන විශේෂ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

මෙතෙක් පැවැති 70%ක එන්නත්කරණ ඉලක්කය වෙනුවට, කෙටි කාලයක් තුළ උපරිම සුනඛයන් සංඛ්‍යාවකට වසර 3ක් පුරා පවතින එන්නත ලබාදීමේ ‘No Dog Left Behind’ නව ක්‍රමවේදය හඳුන්වා දීමේ අවශ්‍යතාව පිළිබඳ නියොජිත පිරිස මෙහිදී පෙන්වා දුන් අතර එමගින් මේ වනවිට ජලභීතිකා එන්නත් (Post-Exposure Prophylaxis) සඳහා වැයවන අධික පිරිවැය අවම කරගත හැකි බවද විශේෂඥයෝ පෙන්වා දුන්නා.

පශු වෛද්‍යවරුන්ගේ පවතින හිඟය සහ පරිපාලනමය ගැටලු මඟහැරීම සඳහා පළාත් පාලන ආයතන හරහා එන්නත්කරණය පුහුණු කර යොදවා ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

පළමුවෙන් බස්නාහිර පළාත තුළත්, පසුව සමස්ත දිවයින පුරාත් ව්‍යාප්ත කිරීම සහ මෙය ජාතික කර්තව්‍යයක් සේ සළකා සෘජුව හා කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ‘කාර්ය සාධක බලකායක්’ (Presidential Task Force) පිහිටුවීම පිලිබඳවද අවධානය යොමු කෙරුණා.

ජලභීතිකා රෝගය සාර්ථකව පාලනය කිරීම සඳහා ගුණාත්මකභාවයෙන් ඉහළ එන්නත් භාවිත කිරීමේ වැදගත්කම සහ එන්නත්වල ශීතකරණ සැපයුම් දාමය (Cold chain) සුරක්ෂිතව පවත්වා ගැනීමත්, මධ්‍යම රජයේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවත් විශේෂඥයෝ විසින් මෙහිදී පැහැදිලි කළා.

සත්ත්ව සුබසාධනය මෙන්ම ජලභීතිකා රෝගය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතාවක් වන බවත්, පවතින ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරගනිමින් පළාත් පාලන ආයතන, අදාළ අමාත්‍යාංශ සහ ජාත්‍යන්තර සංවිධාන එක්ව මෙම ජාතික සැලැස්ම ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහය රජය ලබා දෙන බවත් මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.

මෙම සාකච්ඡාවට Battersea සංවිධානයේ නියෝජිත Ms. Roxanne Sahar Nazir, සහ ICAM සංවිධානය නියෝජනය කරමින් Dr. Elaine Francisca Hiby, Dr. Eric Joseph Brum, Mr. Patrick Gerard කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශු වෛද්‍ය Dr. M. Ijas යන පිරිස සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ බහුතරයක් දිව්‍යලෝකෙට යවලා තමයි මේ ආණ්ඩුව ගෙදර යන්නේ
07:10
Video thumbnail
රුධිර පරික්ෂාවට ගන්න රසායනික ද්‍රව්‍ය කල් ඉකුත් වෙලා..කැබිනට් මාධ්‍ය හමුවේ සියල්ල හෙළිවෙයි
02:52
Video thumbnail
දයාසිරි - බිමල් පැටලෙයි.. පැලවත්තේ නායකයා බිමල් රත්නායක
10:51
Video thumbnail
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ක්‍රීඩා පිටියෙන් සමුගනී
01:23
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට නලින්ද කට උත්තර නැති වෙන්න කියයි - අතේ තියෙන ෆයිල් එකට උත්තර දෙන්න බෑ
01:53
Video thumbnail
තවත් අත්ඩංගුවට ගන්නවා - උඹලා කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න
09:09
Video thumbnail
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන නලින්දගෙන් සැර කතාවක් - කඩාකප්පල්කාරි වැඩ මේ
04:38
Video thumbnail
රුක්මලේට ගිය නාමල්ට මිනිසුන්ගෙන් ලැබුණු ආදරය - මිනිස්සු නාමල්ව වට කරයි
02:18
Video thumbnail
මේකේ රන් පදක්කම හිමිවෙන්නේ නාමල්ට - අදින්න පුබ්බක නියායෙන් ආණ්ඩුව යන්නේ
07:10
Video thumbnail
වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා - විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
11:38