තිරසාර සංවර්ධනය තහවුරු කිරීමට, කාර්යක්ෂම රාජ්‍ය අංශයක් අත්‍යවශ්‍යයි – අගමැති හරිනි

මෙරට ආර්ථිකය අර්බුදයෙන් මිදී ඉදිරියට යමින් පවතින පසුබිමක, රටේ තිරසාර සංවර්ධනය තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම රාජ්‍ය අංශයක් මෙන්ම වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.

ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA Sri Lanka) විසින් සංවිධානය කළ CMA ශ්‍රී ලංකා ජාතික කළමනාකරණ ගිණුම්කරණ සමුළුව ඊයේ (20) දින කොළඹ දී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා.

“අර්බුදය, ස්ථාවරත්වය සහ වර්ධනය, කළමනාකරණ ගිණුම්කරණ කෝණයෙන්” (Crisis, Stability and Growth: A Management Accounting Lens) යන්න තේමා කර ගනිමින් මෙම සමුළුව ජූලි 20 සහ 21 යන දෙදින පුරා කොළඹ දී පැවැත්වෙනවා.

සමාරම්භක උත්සවයේදි CMA ජාතික කළමනාකරණ ගිණුම්කරණ සමුළුවේ සඟරාව නිල වශයෙන් එළිදැක්වීමත්, ගිණුම්කරණ වෘත්තියේ වසර 50ක සේවයක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් උදෙසා වන ‘ස්වර්ණ ජයන්ති සම්මාන පිරිනැමීමත් අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

රාජ්‍ය නිලධාරීන් සඳහා CMA කළමනාකරණ ගිණුම්කරණ පාඨමාලාව හැදෑරීමට පූර්ණ ශිෂ්‍යත්ව 100ක් CMA Sri lanka ආයතනය මගින් රජය වෙත පිරිනැමීම ද මෙහිදි සිදු කෙරුණා.

‘CMA Business Excellence Awards 2026’ සහ සුදුසුකම් ලත් සාමාජිකයින් උදෙසා වන ‘Merit Awards’ සම්මාන ප්‍රදානයද මෙහිදී සිදු වුණා.

අනතුරුව අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

”වර්තමාන ගෝලීය අස්ථාවරත්වය හමුවේ කළමනාකරණ ගණකාධිකරණය, හුදෙක් මුල්‍ය වාර්තාකරණයක් පමණක් නොවෙයි, රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම නිවැරදි උපායමාර්ගික තීන්දු ගැනීමට උපකාරී වන ප්‍රධානතම මෙවලමක්.
රටේ ​ජනතාවගේ කැපවීම් සහ රජය ගත් දැඩි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාව අද වන විට මුල්‍ය අර්බුදයෙන් සාර්ථකව ගොඩ එමින් තිබෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන, සංචාරක සහ මුල්‍ය ක්ෂේත්‍රයන්හි ඇති වූ ප්‍රගතියත් සමඟ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නැවතත් ‘ඉහළ මධ්‍ය ආදායම් ලබන ආර්ථිකයක් සහිත රටක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරගනිමින් තරඟකාරී සහ සබලසම්පන්න ආර්ථිකයක් ගොඩනැගීමේ අවස්ථාව රට හමුවේ තිබෙන අභියෝගයයි.

පසුගිය කාලසීමාව තුළ ඇතැම් රාජ්‍ය ආයතන සහ අමාත්‍යාංශ සිය වාර්ෂික මුල්‍ය ප්‍රකාශන හා විගණන වාර්තා ඉදිරිපත් කර තිබුණේ නැහැ. වත්මන් රජය සිදුකළ මැදිහත්වීම් හමුවේ එම වාර්තා යාවත්කාලීන කිරීමට පියවර ගත්තා. මින් ඉදිරියට නියමිත වේලාවට මුල්‍ය වාර්තා ලබා නොදෙන සහ නියමිත ප්‍රමිතීන් උල්ලංඝනය කරන සියලුම ආයතන හා නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය පරිපාලනය තුළ තීන්දු තීරණ ගත යුත්තේ පුද්ගලික න්‍යායපත්‍ර මත නොවෙයි. සාක්ෂි, දත්ත සහ විද්‍යාත්මක පදනම මතයි. ​වර්තමාන ගෝලීය අවශ්‍යතාවලට අනුකූලව සාම්ප්‍රදායික ගණකාධිකරණයේදී මගහැරෙන පාරිසරික හායනය සහ සමාජීය පිරිවැය ද සලකා බැලීම වැදගත් බව මම විශ්වාස කරනවා.

රජය ආරම්භ කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ උසස් පෙළ අංශයට වෘත්තීය පුහුණු පාඨමාලා සහ වසරක ආයතනික පුහුණුව (Internship) ඇතුළත් කිරීමට පියවර ගනිමින් තිබෙනවා. ඒ සඳහා රටේ පිලිගත් ආයතනවල, සංවිධානවල සහය රජයට අවශ්‍යයි.”

ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) සමඟ පෙරට යන නව ලොවට ගැලපෙන සදාචාරාත්මක හා උපායමාර්ගික චින්තනයෙන් යුතු වෘත්තිකයන් බිහි කිරීමේදී CMA ආයතනය ඇතුළු වෘත්තීය ආයතන ලබාදෙන දායකත්වය අගය කරන බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාටින් (Isabelle Martin), CPA Australia හි සභාපති මහාචාර්ය ඩේල් පින්ටෝ (Professor Dale Pinto), CMA Sri Lanka නිර්මාතෘ සහ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර් වටවල යන ඇතුළු CMA Sri Lanka සාමාජික, සාමාජිකාවන්, දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක් - වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25
Video thumbnail
"මහින්දගේ රත්තරං පිළිමයක් හදන්න ඕනි"නාමල් කිලෝමීටරයක් දකින කෙනෙක් නෙවෙයි
16:57
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44