2007 අංක 54 දරන ඖෂධ වලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, අදාළ සංශෝධන ඇතුළත් කරමින් පනක් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත මඟින් ප්‍රතිකාර සඳහා ප්‍රවේශය තහවුරු කිරීම, පුනරුත්ථාපනයට පහසුකම් සැලසීම හා නැවත සමාජගත කිරීම ප්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණ සහිතව මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය කිරීම හා පසු රැකවරණය ලබා දීම සඳහා නීතිමය රාමුවක් සලසා දී තිබෙනවා.
රට තුළ සිටින මත්ද්‍රව්‍ය මත යැපෙන තැනැත්තන් සංඛ්‍යාව අවම කිරීම පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය සහ ප්‍රථම වරට මත්ද්‍රව්‍ය භාවිත කරනු ලබන තැනැත්තන් ග්‍රහණය කර ගැනීම පිළිබඳව වන ගැටලු සැලකිල්ලට ගනිමින්, ප්‍රතිකාර කිරීමේ හා පුනරුත්ථාපනය කිරීමේ නිසි විධිමත් යාන්ත්‍රණයක් පවත්වා ගෙන යාමට හැකි වන පරිදි යෝග්‍ය සංශෝධන 2007 අංක 54 දරන ඖෂධ වලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනතට හඳුන්වා දීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.
ඒ අනුව, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන, 2007 අංක 54 දරන ඖෂධ වලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, අදාළ සංශෝධන ඇතුළත් කරමින් පනක් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් තීරණය කර තිබෙනවා.













