ලෝක ශූරයින්ගේ ජය සැමරුමට එක් වී අවදානය දිනාගන්න උත්සාහ කළ ට්‍රම්ප් (වීඩියෝ)

ඩොනල්ඩ් ට්‍රම්ප් අවදානය දිනාගැනීමට ආශා කරන පුද්ගලයෙක් බව ප්‍රසිද්ධ රහසක්.

එලෙස සෑම විටම අවදානය දිනාගැනීමට උත්සාහ කරන ට්‍රම්ප් 2026 FIFA ලෝක කුසලාන අවසන් උත්සවයේ දී, රාමුව තුළ රැඳී සිටීමට උපරිම උත්සාහයක් ගත් ආකාරය පිළිබඳව මේ වනවිට ලොව පුරා කතා බහක් මතුව තිබෙනවා.

ලෝක ශූර ස්පාඤ්ඤ කණ්ඩායම වේදිකාවේ ඔවුන්ගේ ශූරතා ජයග්‍රහණය සැමරූ අවස්ථාවේ ට්‍රම්ප් ජනාධිපතිවරයාත් ඒ අසලම රැඳී සිටීමට උත්සාහ කරන ආකාරය කැමරා රූපරාමුවල සටහන්ව තිබෙනවා.

පාපන්දු ලෝක කුසලාන කුසලානය ස්පාඤ්ඤ නායක රොඩ්‍රි වෙත භාර දීමෙන් පසු, ට්‍රම්ප් කැමරා රාමුවෙන් පිටවීමට අදිමදි කරන ආකාරය එහි දැකගත හැකි වනවා.

ලෝක කුසලානය සිය දෝතට ගත් ස්පාඤ්ඤ නායක රොඩ්‍රි ට්‍රම්ප්ව සියුම් ලෙස පසෙකට තල්ලු කරන ලද නමුත්, ඔහු එම ස්ථානයෙන් ඉවත්වීමට යම් මැලිකමක් දක්වනවා.

එම අවස්ථාවේ දී FIFA සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ ද ට්‍රම්ප් අසලට පැමිණ ඔහුව වේදිකාවෙන් බිමට කැඳවාගෙන යාමට උත්සාහ දරන ආකාරය ද එම රූපරාමුවල සටහන්ව තිබෙනවා.

කෙසේ වෙතත් ට්‍රම්ප් ස්පාඤ්ඤය සමඟ වේදිකාවේ ලෝක කුසලාන අවසන් සැමරුම්වල කොටසක් වීමට කැමති බව ඒවායේ පැහැදිලව දැකගැනීමට හැකි අතර, මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඇතුළු ලොව පුරා දැඩි අවදානයක් දිනාගත් සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
9
+1
2
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44
Video thumbnail
අර්චුනා - අසිත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "අද ගන්න තියෙන මාත්‍රාව අරගෙන නෑ"
02:15
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව - දෙමාපියන්ගේ මේවා දැනුවත්ද ?
01:29
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26