හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව අද

වෙඩි වැදී මියගිය හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු අද (20) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.

හිටපු පොලිස්පතිවරයාගේ අවසන් කටයුතු බොරැල්ල බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර, එය
පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දෙගය අහජන ගුවරය වෙනුවෙන් ඊයේ (19) පෙරවරුවේ සිට බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලන නායකයින්, නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් ඊයේ දිනයේ දී පැමිණියා.

හිටපු ජනධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද හිටපු පොලිස්පතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් ඊයේ පැමිණ සිටියා.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පසුගිය සිකුරාදා වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබුණේ මාලඹේ තලාහේනේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

පෞද්ගලික හේතුවක් මත, සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු සියදිවි හානි කරගෙන ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44
Video thumbnail
අර්චුනා - අසිත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "අද ගන්න තියෙන මාත්‍රාව අරගෙන නෑ"
02:15
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව - දෙමාපියන්ගේ මේවා දැනුවත්ද ?
01:29
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26