අනීතික අමතර කොටස් සවිකර රේස් පැද්ද යතුරුපැදි කල්ලියක් මාට්ටු

මුල් ආකෘතිය වෙනස් කරමින් නීත්‍යානුකූල නොවන අන්දමට අමතර කොටස් සවිකොට තිබූ යතුරුපැදිි දාසයක් සමග පුද්ගලයන් 16 දෙනෙක් ඊයේ (17) දිනයේ දී හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජනයාට පීඩාවන අන්දමින් අධික ඝෝෂාකාරී ලෙස සහ අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන පිරිසක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව හෝමාගම නගරය අවට ස්ථාන කිහිපයක සිදු කරන ලද වැටලීම් මඟින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සයිලන්සර් ශබ්දය වෙනස් කළ, පැති කණ්නාඩි නොමැති, මඩ කවර නොමැති, අංක තහඩු නොමැති, යතුරුපැදියේ ආලෝක රටා වෙනස් කර තිබූ සහ අනතුරුදායක කොටස් සවිකර තිබූ යතුරුපැදි දහසයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අතරින් පස් දෙනෙක්ට වලංගු රියැදුරු බලපත්‍ර ද නොමැති බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් පිරිස ලබන 22 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46