නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මහවැලි ගඟේ ජල පහරට හසුව අනතුරට ලක්ව පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් සැරයන් ඩි.ජි. රණසිංහ පසුගිය 12 වනදා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් ඩි.ජි. රණසිංහ, උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙනවා.
2026.07.12 දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම පිරිනමා තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ කන්තලේ කඳවුරට අනුයුක්තව සිටි මෙම නිලධාරියා කින්නියා පොලිස් වසමේ මුලුක්කුසෙට්ටි ප්‍රදේශයේදී නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී මහවැලි ගඟේ ජල පහරට හසුව ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
5
+1
+1













