රටම කතාවෙන ෆේස්බුක් ලයිව් එක ගැන පොලිසිය විමර්ශන අරඹයි

තරුණයෙක් විසින් සියදිවි හානිකරගන්නා අයුරු දැක්වෙන ෆේස්බුක් සජීවී වීඩියෝවක් සම්බන්ධව මේ වන විට මෙරට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

ඊයේ (12) රාත්‍රියේ තරුණයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවී වීඩියෝවක් විකාශය වීමට සලස්වා ඔහු ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගන්න අයුඋරු එහි දැක්වෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කරන්දෙණිය,තල්ගවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි තරුණයෙක්.

119 හදිසි ඇමතුම් අංකය වෙත ලැබුණු පැමිණිල්ලක් මත කරන්දෙණිය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙනවා.

සියදිවි නසාගත් තරුණයාගේ දේහය මේ වනවිට ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තන්පතර ඇති බවයි රන්දෙණිය පොලිසිය පැවසුවේ.

තරුණයා මෙලෙස සියදිවි හානිකර ගැනීම හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
8
+1
0
+1
25
+1
3
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted