සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය හෙට සිට යළි විවෘත වෙයි

ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් සති 02ක කාලයක් වසා තබා තිබූ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය හෙට (13) සිට යළි විවෘත කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

මේ අතර විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීමට පෙර ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ විශ්වවිද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (12) දවස පුරා ක්‍රියාත්මක වනවා.

මේ සඳහා කොළඹ නගර සභාවේ බොරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්, යුද හමුදාව, නාවික හමුදාව සහ විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය එක්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted