ලංකාවේ වවුලන්ටත් කොරෝනා

මෙරට ජීවත් වන වවුල් විශේෂ 02කින් ලබාගන්නා ලද සාම්පල් 395කින් පසුව එම වවුලන් හට ඇල්ෆා සහ බීටා යන වෛරස් කාණ්ඩ දෙක ආසාදනය වී ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් අධ්‍යනය ආයතන එක්ව කරන ලද පරික්ෂණයකින් පසුවයි මේ පිළිබඳව අනාවරණය කරගෙන තිබෙන්නේ. ඔවුන් මෙම පරික්ෂණ වාර්තාවන් ලෝකයේ වෛද්‍ය ජර්නල් කිහිපයකම පළ කර තිබෙනවා.

කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටි “වවුල් ගල්ගේ” නැමති ස්ථානයේ ජිවත් වන වවුලන් මෙම පරික්ෂණය සඳහා යොදාගෙන තිබුණු අතර එහිදී වවුලන් සඳහා පි.සී.ආර් පරික්ෂණත්, ගුද මාර්ගයෙන් ලබාගත් සාම්පලත් යොදාගෙනයි මෙම කොරෝනා වෛරස් පරික්ෂාව සිදුකර තිබෙනවා.

මෙහිදී ලබාගත් සාම්පල් 395 අතරින් සාම්පල් 33කම කොරෝනා වෛරසයේ කාණ්ඩයන් දෙකක් වන ඇල්ෆා සහ බීටා යන ප්‍රභේදයන් දෙකම අඩංගු වන බවට තහවුරු කරගෙන.

මෙම ඇල්ෆා සහ බීටා වෛරස් කාණ්ඩ දෙක බ්‍රිතාන්‍යයේ වාර්තා වන ඇල්ෆා උප ප්‍රභේදය හෝ දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන බීටා උප ප්‍රභේදය නොවන බවත් එය කොරෝනා වෛරසයේ මුලික ප්‍රභේදයන් 04 වන ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා යන ප්‍රභේදයන්වලින් 02ක් බවට පර්යේෂක කණ්ඩායම විසින් තහවුරු කරමින් පවසා තිබුණා.

2017 වසරේ සිට වර්ෂයේ දී ශ්‍රී ලාංකික වවුල් විශේෂ තුළ තිබෙන මිනිසාට සම්ප්‍රේෂණය වීය හැකි වෛරස් පිළිබඳව කරන ලද පරික්ෂණයක් අතරතුර මෙම සොයා ගැනීම සිදුකර තිබෙන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01